Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරයා විසින් කරන මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ගැන, මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයට බලය හිමිනොවන පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබානොදෙන බව හැඟවෙන පරිදි ජනාධිපති අනුර දිසානායක මහතා මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී සිදුකරන ප්‍රකාශවලට එරෙහිව එක්සත් ජාතික නිදහස් පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පෙරමුණේ මහලේකම් ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ඊයේ (18) දිනයේදී මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“මේ වෙනකොට ආණ්ඩුවට බුද්ධි වාර්තා ගිහිල්ලා තියෙනවා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ඉතාම භයානක තත්වයකට පත්වෙනවා කියලා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ජනාධිපතිතුමා දැන් යන යන මැතිවරණ වේදිකාවේ කියනවා මාලිමාවට බලය දුන්නෙ නැතිනම් ඒ සභාවලට මුදල් දෙන්නෙ නැහැයි කියලා. පැහැදිලිවම මේක මැතිවරණ නීති උල්ලංඝනය කරගෙන මැතිවරණයට කරන සෘජු බලහත්කාරකමක්. මේක අපි තරයේ හෙළාදකිනවා, මේක නීතිවිරෝධී. කවුරු දින්නත් ඒ ප්‍රාදේශීය සභාවලට මුදල් නවත්වන්න ජනාධිපතිට බලයක් නැහැ. මේගොල්ලොන්ට පුරුදුයිනෙ මේ බියගන්වන වැඩේ”

මීට අමතරව තවත් පවුල් ලක්ෂ 04කට අස්වැසුම සහනාධාරය ලබාදෙන බවට මන්නාරමේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයට එරෙහිව එක්සත් ජනරජ පෙරමුණ විසින් ද ඊයේ දිනයේදී මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි

Related posts

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම චීනයට ගමන් වාර ගණන සීමා කරයි

Mohamed Dilsad

எத்தியோப்பியா – எரித்திரியா இடையேயான போர் முடிவு

Mohamed Dilsad

Govt. requests JMOs to expedite post-mortems of Easter blasts victims

Mohamed Dilsad

Leave a Comment