Trending Newsදේශීය

රිලව් ලක්ෂ 80 යි : වඳුරන් ලක්ෂ 40යි : වන සත්ත්ව සංගණනයේ දත්ත දෝෂ සහිතයි : ප්‍රදේශ කිහිපයක සංගණනය නැවත කළ යුතු බව නිලධාරීන් කියයි.

කෘෂි භෝගවලට හානි කරන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගියදා කරන ලද සංගණනයේ දත්තවලට අනුව දිවයින පුරා රිළවුන් ලක්ෂ 80 කට වැඩි සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇත. මීට අමතරව වඳුරන්ද ලක්ෂ 40 ක් පමණ සිටින බවට හෙළිදරව් වී ඇතැයි අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.

කෘෂි භෝගවලට හානි කරන රිළවා, වඳුරා, මොනරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධ සංගණනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉකුත් මාර්තු මස 15 වැනිදා පෙරවරු 8 සිට 8.05 දක්වා විනාඩි පහක කාලයක් තුළදී සිදු කෙරුණි. 

කැලෑ සහ වනාන්තර ප්‍රදේශ හැර දිවයිනේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ සහ වගා බිම් ආශ්‍රිතව මෙම සංගණනය සිදු කෙරිණි. කෙසේ නමුත්, මෙම සංගණනයේ දත්ත සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බවට තහවුරුවී ඇත. ඊට හේතුවී ඇත්තේ ඇතැමුන් රිළවුන් සහ වඳුරන් ගහනය වැඩි අගයකින් සංගණන පත්‍රිකාවේ සඳහන්කර තිබීමය. 

මේ නිසා ගැටලුදායක දත්ත සහිත තොරතුරු යළි නිවැරදි කර ගැනීම සඳහා අදාළ ප්‍රදේශවලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් යවා නැවත සමීක්ෂණයක් සිදු කිරීම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.ඒ අනුව, මිහින්තලේ, කැකිරාව ආදී ප්‍රදේශ ආශ්‍රිතව එම සමීක්ෂණ කටයුතු පසුගියදා නැවතත් සිදු කෙරුණි. මේ අනුව, ගැටලුකාරී දත්ත සහිත ප්‍රදේශවල නැවත සමීක්ෂණ කටයුතු ඉදිරි දිනවලදීද සිදු කිරීමට නියමිතය. 

ගොවීන් විසින් රිළවා සහ වඳුරාගේ ගහනය සම්බන්ධ දත්ත නියමිත සංඛ්‍යාවට වඩා කීප ගුණයකින් සඳහන්කර තිබුණද, මොනරා සහ දඬුලේනා යන සතුන්ගේ දත්ත නිවැරදි ලෙස සටහන් කර ඇතැයිද පැවැසේ.

Related posts

කළුතර – බදුගම නව ජනපදය හුදකලා බවින් ඉවතට

Mohamed Dilsad

“சட்டம் கடமையை மிகச்சரியாக செய்துள்ளது” மக்கள் காங்கிரஸ் தலைவர் ரிசாத் தெரிவித்தார்

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல்கள் தொடர்பான இறுதி அறிக்கை நாளை

Mohamed Dilsad

Leave a Comment