Trending Newsඑසැන පුවත්දේශීය

කබ්රාල් ට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

ග්‍රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදීම නඩුවේ මියගොස් සිටින චන්ද්‍රසිරි ජයසිංහ නමැති විත්තිකරු මියගිය බව තහවුරු කිරීම සඳහා සාක්ෂි මෙහෙයවීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට අදාළ චෝදනා පත්‍රය අල්ලස් කොමිසම විසින් සංශෝධනය කරනු ලැබීය. ඉන් අනතුරුව මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණි.

2012 වසරේ ග්‍රීසිය ආර්ථිකය අර්බුදයකට ලක්වී තිබෙන බව දනිමින් මෙ රට මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට ආසන්න පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

Related posts

ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක සහ සභානායක වැඩ අරඹයි

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ තවත් විශේෂ රෝග ලක්ෂණයක් ගැන අනාවරණයක්

Mohamed Dilsad

Leave a Comment