Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති, පඩි දෙකක් ගත් කතාව අනුරගේ තවත් බොරුවක්. ඒවා නතර කළේ රනිල්….! – තිස්ස අත්තනායක

මෙතෙක් කල් ඇමතිවරුන් ඇමති වැටුප සහ මන්ත්‍රී වැටුප යන දෙකම ලබා ගත් බවට ජනාධිපති අනුර දිසානායක සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2001 එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් රටේ ආර්ථිකය යහපත් නොවන නිසා ඇමතිවරුන්ට මන්ත්‍රී වැටුප පමණක් ලබා ගන්නා ලෙස නියෝග කළ බවයි.

එලෙස වැටුප් දෙකක් ගෙවිය නොහැකි බවත් එය විගණනයේ දී විශාල ගැටලුවක් වන බවත් සඳහන් කළ තිස්ස අත්තනායක මෙය ජනතාව නොමග යැවීම සඳහා සිදුකළ ප්‍රකාශයක් බවට ද චෝදනා කරයි.

අනුර දිසානායක සිය ආණ්ඩුවේ ඇමතිවරුන්ට මන්ත්‍රී වැටුපට වැඩ කරන ලෙස හෝ නියෝග කර නොමැති බව ද ඔහු සඳහන් කරයි.

Related posts

සෞදියේ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලය වැසේ

Mohamed Dilsad

IGP leaves for Batticaloa to probe killing of two Police Constables

Mohamed Dilsad

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

Leave a Comment