Trending Newsඑසැන පුවත්දේශීය

දළදා ප්‍රදර්ශනයෙන් මුදල් ගරා ගැනීමේ ජාවාරමක්: කාටවත් මුදල් දෙන්න එපා දළදා මාලිගාවෙන් නිවේදනයක්

සිරි දළදා වන්ඳනාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය පුවතක් ගැන ශ්‍රී දළදා මාලිගාවේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති අයෙකුට ආධාර ලබාදිය හැකි බවත් මුදල් ආධාර ලබාදෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැරකරන ලෙසත් අදාළ ව්‍යාජ නිවේදනයේ දැක්වෙයි.

මෙම දැන්වීම සම්පූර්ණයෙන් ව්‍යාජ එකක් බවත් ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී දළදා මාලිගාව හා රජය විසින් සපයනු ලබන බව දළදා මාලිගාව සඳහන් කරයි.

එසේම ශ්‍රී දළදා මාලිගාව විසින් කිසිදු පුද්ගලයෙකුට, සමූහයකට, සංවිධානයකට හෝ වෙනත් කවර ආකාරයකට හෝ අරමුදල් රැස් කිරීමට හෝ වෙනත් කිසිදු සංවිධාන කටයුත්තක් පවරා නොමැති බව ශ්‍රී දළදා මාලිගාව වැඩිදුරටත් දන්වයි.

මේ පිළිබඳව අප වැඩිදුරටත් සොයා බැලූ අතර, මාලිමා ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපෘතියක් සඳහා මොවුන් සම්බන්දව කටයුතු කර ඇති බව නිරීක්ෂණය විය. මෙකී අධාර ලබාදෙන ලෙස සඳහන් කර ඇති ගිණුම් හිමියා මාලිමා ආණ්ඩුව පත් කිරීම සඳහා කටයුතු කළ පුද්ගලයෙකි.

Related posts

බෝන් අගේන් නවත්වන්න බැරි ඇයි ?

Mohamed Dilsad

කෙටි කාලීන හා සුළු වැරදි නඩු කටයුතු විද්‍යුත් ක්‍රමවේදයකින්

Mohamed Dilsad

අගමැති සහ TNA මන්ත්‍රීවරු අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment