Trending Newsඑසැන පුවත්දේශීය

මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට පාර්ලිමේන්තුවේ වාරණයක්

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ මන්ත්‍රීවරයා සිදු කරන ජාතික සමගියට හා සංහිඳියාවට හානි වන සහ අවමන් සහගත ප්‍රකාශ පිළිබඳ සැලකිල්ලට ගනිමිනි.

ඊට අමතරව, අර්ච්චුනා මන්ත්‍රීවරයා සිදු කරන අවස්ථානුකූල ලෙස අවමන් සහගත ප්‍රකාශ, අශෝභන හා පහත් ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවලින් ඉවත් කරන බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

ඒ අනුව හෙට (20) සිට මැයි 08 දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දින 08 තුළ අර්ච්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශ වාර්තා කිරීම අත්හිටුවීම ක්‍රියාත්මක වෙනු ඇති.

එම කාලය තුළ මන්ත්‍රීවරයාගේ හැසිරීම අනුව, මෙම තාවකාලික අත්හිටුවීම ඉවත් කිරීම සිදු කරනවා ද? නැද්ද ? යන්න සලකා බලන බවද කථානායකවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තු සභාවට දැන්වීය.

Related posts

‘ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව’ ජනාධිපති ලේකම්, අධිකරණ අමාත්‍යංශ ලේකම් සැකකරුවන් කරන්නැයි ඉල්ලයි

Editor O

Tri-Forces to be empowered for controlling illegal drug trade

Mohamed Dilsad

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment