Trending News

නියමුවන් සහ කාර්යය මණ්ඩලය රහිත, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයේ මංගල ගමන සාර්ථකයි.

නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කර තිබේ. චීනයේ නිෂ්පාදිත ‘ටීපී1000’ යනුවෙන් නම් කළ මෙම කුඩා ගුවන් යානය, චීනයේ ෂැංග්ඩොං පළාතේ දී මෙම ගුවන් ගමන සාර්ථකව නිමා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවනේ සිට භාණ්ඩ බෙදා හැරිය හැකි චීනයේ නිෂ්පාදිත ප්‍රථම මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ​මෙය යැයි ද පැවැසෙයි. ඩ්‍රෝන යානාවල පියසැරි තාක්ෂණය භාවිතයට ගනිමින්, චීනය සියයට 100 ක් ඔවුන්ගේ තාක්ෂණය යොදා ගනිමින් මෙම ‘ටීපී1000’ ගුවන් යානය නිර්මාණය කර ඇත.

ගුවන් යානයෙන් ටොන් එකක ධාරිතාවක් දක්වා ප්‍රවාහනය කිරීමේ හැකියාව ඇති බවත් එතරම් බරක් සමඟ ගුවන් යානයට කිලෝමීටර් 1000 ක දුරක් පියාසර කිරීමට හැකි බවත් පැවැසෙයි.

Related posts

கடவத்தையில் துப்பாக்கிச்சூடு

Mohamed Dilsad

ධීවර කාර්මිකයින්ට සහ කිමිදුම්කරුවන්ට රක්ෂණයක්

Editor O

Showers expected in several provinces

Mohamed Dilsad

Leave a Comment