Trending Newsඑසැන පුවත්දේශීය

පුංචි ඡන්දයට ලියාපදිංචි ඡන්දදායකයින් 17,296,330ක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

පළාත් පාලන ආයතන 336ක් සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමට අදාළ කටයුතු පිළිබඳව අද දිවයිනේ සියලු දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්, නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කැඳවා සාකච්ඡා කළ බව ඔහු පවසයි.

අදාළ සාකච්ඡාවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙම අදහස් පළ කළේය.

“පළාත් පාලන ආයතන 336ක් සඳහා නාමයෝජනා කැඳවීම් දැන්වීම් නිකුත්කරලා අවසන් .ඒ අනුව කොට්ඨාස 4872ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා මේ මැතිවරණය පැවැත් වෙන්නේ. ඒ සඳහා 17,296,330ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටිනවා. 2024 ජනවාරි මාසයේ 31 දක්වා ගත්තොත් ඊට අදාළ අද දිනයෙදී සියලුම් දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීන්වරුන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු සමග මෙත කමිෂන් සභාවේ සභාපතිවරයත්, සමාජික මහත්මීන් සහ නිලධාරී මණ්ඩලය සකච්ඡාවක් පවත්වනු ලැබුවා.”  

Related posts

දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් දෙකකට පනවා තිබූ හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

Head of Avant-Garde’s Maritime Security Division arrested

Mohamed Dilsad

ජෝර්දානයේදී ශ්‍රී ලාංකිකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන‍ී

Mohamed Dilsad

Leave a Comment