Trending Newsඑසැන පුවත්

ගිනිගත් නිවාසවලට රජයෙන් වන්දිත් අරන් ගෙවලුත් අරන්

අරගල සමයේ නිවාස ගිනිගත් මන්ත්‍රීන් සඳහා රජයෙන් ලබාගත් වන්දි මුදල්වලට අමතරව රජයේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති බව අද (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කෙරුණි.

පන්නිපිටිය වීර මාවතේ පිහිටි වියත්පුර නිවාස සංකීර්ණයේ පස්වන පියවරේ හි නිවාස ලබාදෙන ලෙස පහත මන්ත්‍රීවරුන් එවකට පාර්ලිමේන්තුවේ කථානායක වෙත ඉල්ලීම් කර තිබේ. ඒ අනුව පහත සඳහන් මන්ත්‍රීන් 26 දෙනෙක් සඳහා වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදී ඇත.

ඉහත නිවාස සංකීර්ණයේ නිවාස විකිණීමේදී සාමාන්‍ය ගැණුම්කරුවන් සඳහා නිවාස විකුණුම් ක්‍රමවේදය වන්නේ නිවසේවල වටිනාකමින් මුලින් 50%ක් ලබාදී වසරක් ඇතුළත සියලු මුදල් ගෙවා අවසන් කළ පසු නිවාස ලබාදීමය. 

නමුත් පහත සඳහන් මන්ත්‍රීවරුන් මූලික ගෙවීම 25%ක් ලෙස අඩු කොට ඉතිරිය වසර 15ක් තුළ ගෙවීමට ක්‍රමවේදයක් සකසා ගෙන නිවාස මිලදී ගෙන ඇත. 

එම නිවාසයන්හි වටිනාකම තීරණය කොට ඇත්තේ දේපළෙහි ආරම්භක තක්සේරු මුදල සහ වර්තමාන තක්සේරු මුදල එකතු කොට එය දෙකෙන් බෙදා ගණනය වන මුදල දේපළෙහි වටිනාකම් වශයෙන් ගෙවීමට කටයුතු සලසා ගෙන බවද අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා

“මේවා අපිට හිතෙන්නේ ගෙවල් ගිනි තියාගත්තද දන්නෙත් නැහැ. අම්මපා.. ජනේල ගිනි ගත්ත ඒවටත් ගෙයක් අරන් තියෙනවා. 76 දෙනෙක් ඉන්නවා. 26ක ලැයිස්තුවක් තියෙන්නේ.” 

නිවාස ලබාගත් මන්ත්‍රී ලැයිස්තුව පහතින්,

Related posts

இரண்டு பெண்களை சீரழித்த காவற்துறை அதிகாரிகளுக்கு நீதிமன்றம் வழங்கிய தண்டனை…

Mohamed Dilsad

படகு கவிழ்ந்து 58 அகதிகள் பலி

Mohamed Dilsad

US to impose new sanctions on Russia for supporting Syria

Mohamed Dilsad

Leave a Comment