Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා දිනයක් නියම කළ හැකි වන්නේ නාම යෝජනා බාර ගැනීම අවසාන වීමෙන් පසුව බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා. ඊයේ (21) අම්පාර ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

පළමුව නාම යෝජනා භාර ගැනීමේ දැන්වීම නිකුත් කරන බවත් යම් සභාවකින් නාමයෝජනා කිසිවක් හෝ නොලැබුණොත් නැවතත් නාම යෝජනා කැඳවීමට සිදු බවන බවද සමන් ශ්‍රී රත්නායක මහතා පවසා සිටියා.

එලෙසම ලැබුණු නාම යෝජනා පත්‍රවලින් නියමිත සුදුසුකම් සපුරා ඇත්තේ එක් පාර්ශවයක් ඉදිරිපත් කළ නාම යෝජනා පමණක් වුවහොත්, ඔවුනට නිතරඟ ජයක් හිමිවන බවද  මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී අවධාරණය කළේය.

“ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමිෂන් සභාව නාම යෝජනා භාර ගැනීමේ දැන්වීම ප්‍රකාශයට පත් කරන අදාළ කටයුතු කරනවා, ඉන්පසුව තමයි ඉදිරි කටයුතු ආරම්භ කරන්නේ යැයි ද කීවේය.

Related posts

අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

Lasantha Wickrematunge Murder: Former DIG, SI granted bail

Mohamed Dilsad

ත්‍රීපෝෂ නිෂ්පාදනය නතර වෙයි : බඩ ඉරිඟු නෑ

Editor O

Leave a Comment