Trending Newsඑසැන පුවත්දේශීය

කොට්ටහච්චිගේ වරප්‍රසාද කඩවෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වශයෙන් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීන් නිලන්ති කොට්ටහච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ජාතික පුවත්පතක පල කර ඇති පුවතක් හේතුවෙන් මහජන නියෝජිතයෙක් වශයෙන් තමන් අපහසුතාවයට පත්ව ඇති බවද ඇය කියා සිටියාය.

තමන්ට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට පක්ෂයෙන් වාරණයක් පනවා ඇති බවට අදාළ පුවත්පත වාර්තාකර ඇත්තේ තමන්ගෙන් තහවුරු කර ගැනීමකින් තොරව බවද ඇය එහිදී පැවසීය. එනිසා මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවන ලෙසද ඇය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියාය.

ජනාධිපතිවරයා හෝ ටිල්වින් සිල්වා මහතා තමනට කිසිදු වාරණයක් පනවා නැති බවත් ඇය එහිදී තව දුරටත් පැවසුවාය.

Related posts

மஸ்கெலியாவில் லொறி விபத்து இருவர் காயம்

Mohamed Dilsad

வரலாற்றில் முதல் தடவையாக; இலக்கங்களுடன் கூடிய ஜேர்சியில் இலங்கை அணி வீரர்கள்(photo)

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවෙන් ආනයනය කළ බාල ගල් අඟුරු නිසා දිනකට මිලියන 75ක පාඩුවක්

Editor O

Leave a Comment