Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික ආරක්ෂාව ගැන, විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

රටෙත්, ජනතාවගේත්, විනිසුරුවන්ගේත්, මාධ්‍යවේදීන්ගේත්, මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස විපක්ෂ ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු සමාජයම අනාරක්ෂිත භාවයට පත් කිරීමක් බව විපක්ෂ නායකවරයා  පැවසීය.

අධිකරණයේ විශාලම කාර්ය ඉටු කරන විනිසුරුවරුන්ට යම් ආරක්ෂාවක් ලබා දුන්නත් පසුගිය කාලයේ ඔවුන්ගේ ආරක්ෂාව ඉවත් කරන බවට ලිඛිතව දැනුම් දී ඇති බවත් ඔහු සඳහන් කළේය. අද වන විට සිවිල් පුරවැසියන්ට සහ මාධ්‍යවේදීන්ට පවා අනාරක්ෂිත තත්ත්වයක් මතුව තිබෙන බව ඔහු කියාසිටියේය.

එබැවින් සිවිල් සමාජයේ ජනතාවගේ ආරක්ෂාව හා මාධ්‍ය ක්ෂේත්‍රයේ අයගේ ආරක්ෂාව ගැන රජයේ අවධානය යොමුවිය යුතු බවත් මේ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක් පවත්වා නිසි පියවර ගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටින ලදී. එමෙන්ම මහජන නියෝජිතයන්ගේ ආරක්ෂාව ගැන ද අවධානය යොමු කරන ලෙස හෙතෙම රජයෙන් ඉල්ලා සිටියේය.

මෙවැනි ඝාතන නිසා අධිකරණ පද්ධතියම කඩා වැටුණොත් සමාජයම කඩා වැටෙන නිසා විනිසුරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කරන ලෙසත් පසුගිය කාලයේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කළ පෝය දෙකෙන් කුඩු කාරයන් ඉවත් කරනවා කිව්ව වත්මන් ආණ්ඩුව එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරන ලෙසද සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසුවේය.

Related posts

Disgraced US cardinal dies in Rome

Mohamed Dilsad

විශ‍්‍රාමික වෛද්‍යවරු සහ හෙද නිලධාරින් තාවකාලික පදනම මත බඳවා ගනී

Mohamed Dilsad

Aruwakkalu bound garbage lorries attacked

Mohamed Dilsad

Leave a Comment