Trending Newsඑසැන පුවත්දේශීය

අය-වැයෙන් වැඩිහිටි දීමනාව ඉහළ දැමේ

වකුගඩු රෝගීන්ගේ, ආබාධිවූවන්ගේ සහ වැඩිහිටි දීමනාව මෙවර අයවැයෙන් ඉහළ දැමීමට යෝජනා කර තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, වකුගඩු රෝගීන් සහ ආබාධිත පුද්ගලයින් සඳහා ලබාදෙන මාසික දීමනාව රු 7,500 සිට රු 10,000 දක්වා වැඩි කිරීමට නියමිත බවය.

වැඩිහිටියන්ට ලබාදෙන මාසික දීමනාව රු 3,000 සිට රු 5,000 දක්වා මේ වසරේ අප්‍රේල් මාසයේ සිට වැඩිකිරීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට රු බිලියන 232.5ක් වෙන් කර ඇතැයි ද ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම අඩු ආදායම් ලබන පවුලක එක් සිසුවෙක් සඳහා පොත්පත් මිල දී ගැනීමට රු 6,000ක මුදල දැනටමත් ක්‍රියාත්මකය.

Related posts

கழிப்பறையில் இரகசிய கமெரா…

Mohamed Dilsad

Deduru Oya sand mining: 10 arrested

Mohamed Dilsad

பாதுகாப்பு குறித்த அதி விசேட வர்த்தமானி ​வெளியீடு

Mohamed Dilsad

Leave a Comment