Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බල සැපයුම ගැන භයානක තත්ත්වයක් නිරීක්ෂණය වනවා. – අජිත් පී පෙරේරා

විදුලි බිඳ වැටීමට ද ආණ්ඩුවේ සුපුරුදු වැඩපිළිවෙළ අනුව පසුගිය ආණ්ඩුවට චෝදනා කිරීමට විදුලි බල ඇමතිවරයා කටයුතු කරමින් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

පානදුරේ වඳුරෙකු නිසා ජාතික විදුලි පද්ධතිය මෙවැනි තත්ත්වයකට පත්වූ බව දැන සිටියේ නම් මාස දෙකක් තිස්සේ ඇමතිවරයා කුමක් කළේ දැයි හෙතෙම ප්‍රශ්න කරයි. එක දිගට ඉරිදා දින 08ක් ජාතික විදුලි පද්ධතියේ අසමතුලිතභාවයක් සහ භයානකභාවයක් නිරීක්ෂණය වන බව ඇමතිවරයාට දැනුම් දී තිබූ පසුබිමක ගත් ක්‍රියාමාර්ග මොනවා දැයි අජිත් පී. පෙරේරා විමසා සිටියි.

සියල්ලට ආණ්ඩුවට චෝදනා කිරීම විපක්ෂයේ සිටිය දී කළ හැකි වුව ද ආණ්ඩුවේ සිටිය දී එය කිරීම කැත බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

පාර්ලිමේන්තුවේ තවත් 493 කට PCR පරීක්ෂණ

Mohamed Dilsad

சீன நடிகருடன் ஜோடி சேரும் கீர்த்தி

Mohamed Dilsad

Japan’s Yoshitaka Sakurada resigns as Olympics minister

Mohamed Dilsad

Leave a Comment