Trending Newsඑසැන පුවත්දේශීය

මර්ධනය තුළින් රට පාලනය කරන්න, ආණ්ඩුව උත්සාහ කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මේ ආණ්ඩුව බලය යොදා, රට පාලනය කරන්න උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මර්දනය තුළින් රට පාලනය කිරීමට හැකි බවට ආණ්ඩුව සිතන්නේ නම් එය සාර්ථක නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය. ආණ්ඩුව හිතනවා නම් මර්ධනයෙන් රට පාලනය කළ හැකි යැයි කියා, ඒක සාර්ථක වෙන්නේ නැහැ. අපි දැන් දැක්කනේ නීතිපති දෙපාර්තමේන්තුවට කරන වැඩේ. නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය කෙලෙසන්නත් අද ආණ්ඩුව කතා කරනවා. අධිකරණ අමාත්‍යවරයාත් අමතක නොකළ යුතුයි ඔහුත් නීතිඥවරයෙක්. ඔහුත් ජීවිතයෙන් අවුරුදු පහක් හරි කීයක් හරි ඉඳල අමත්‍යකම් අතහැරලා ආයේ උසාවි යන්න ඕනේ. ඒ යනකොට තමන් නියෝජනය කරන නීති වෘත්තීය අගෞරවයට ලක්කරලා,

නීතිපති දෙපාර්තමේන්තුව අගෞරවයට ලක්කරලා නම් ඒ අමාත්‍යවරයා නැවත නීති වෘත්තියට යන්න හදන්නේ ඒ තුළ මේ රටේ සිස්ටම් එක බ්රේක් ඩවුන් වෙනවා. ඒ කියන්නේ කඩන් වැටෙනවා. ඒ නිසා අපිට පේනවා ආණ්ඩුව උත්සහ කරන්නේ මේ සිස්ටම් එක කඩා වට්ටන්න. යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝගයක් දෙනකොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. නාමල් රාජපක්ෂට අධි චෝදනා ගොනුකරන කොට නීතිපති දෙපාර්තමේන්තුව හොඳයි. හැබැයි යෝෂිතට ඇප හම්බෙනකොට ප්‍රශ්නයක් තියෙනවා.යම්කිසි කාරණයක් මත නඩුවකට සාක්ෂි නැත්නම් ඔවුන් මුදාහරින කොට ඒ ආයතනය විවේචනය කරනවා.” යැයි ද කීවේය.

Related posts

රිය බලපත්‍ර වලට රුධිර පරීක්‍ෂාව අනිවාර්ය නැහැ

Mohamed Dilsad

Signature campaign across North-East calling for Presidential pardon for political prisoner

Mohamed Dilsad

மாற்று நாள் ஒதுக்குவது இயலாத விடயம் – ஐ.சி.சி.

Mohamed Dilsad

Leave a Comment