Trending Newsඑසැන පුවත්දේශීය

ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් රෑ අහසේ

ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක දර්ශනීය දසුනක් මේ දිනවල නිරීක්ෂණය කිරීමට හැකියාව ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

මහාචාර්යවරයා සඳහන් කළේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක එලෙස නිරීක්ෂණය කිරීමට හැකි බවයි. සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත්ව නිරීක්ෂණය වන බවද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ යුරේනස් සහ නෙප්චූන් ද දුරේක්ෂයකින් දැකගත හැකි බවයි. එම ග්‍රහලෝක පෙරහැර ලබන 29 වැනිදා දක්වා හිරු බැස යෑමෙන් පසු විනාඩි 90 ක් තුළ හොඳින් දැකගත හැකි බව මහාචාර්යවරයා සඳහන් කළේ ය.

සියලුම ග්‍රහලෝක අහස හරහා එකම පොදු මාර්ගයක් අනුගමනය කරන බැවින්, බටහිර සිට නැගෙනහිරට ඇද ඇති මනඃකල්පිත රේඛාවක් වටා දළ වශයෙන් බැලීමෙන් ඒවා හඳුනා ගැනීම පහසුවේ. ඒවා අහස හරහා චාපයක් තුළ දිස් වුවද, ග්‍රහලෝක ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ සරල රේඛාවක සකසා නොමැති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

Related posts

நச்சுக் காற்றினால் கண்கள், மூக்குகளில் ரத்தக் கசிவு -அதிர்ச்சியில் மக்கள்

Mohamed Dilsad

Keanu Reeves recalls being blacklisted by Fox

Mohamed Dilsad

கள்ளக்காதலால் நடுத்தெருவில் பிரபல சின்னத்திரை நடிகை அடிதடியில் …காணொளி

Mohamed Dilsad

Leave a Comment