Trending Newsඑසැන පුවත්දේශීය

රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ – බණ්ඩාරවෙල පූනාගල වත්තේ වල් අදින රජයේ වාහනයක් ගැනත් චාමර සම්පත් ප්‍රාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන නොදුන් බව පැවසුවත් කිහිපදෙනෙක් රජයේ වාහන භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (23) ප්‍රකාශ කළේය.

වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාහන සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් යොමු කළ අතර එයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලබාදුන් පිළිතුරට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය.

අදාළ ප්‍රශ්නයට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ 10 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමක් සිදුකරන නොමැති බවය. එහෙත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකා පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාට KR – 5844 යන අංකය දරණ මෝටර් රථය ජනාධිපති කාර්යාලය මඟින් ලබාදී ඇති බවත් අගමැතිනිය කීවාය. නමුත්, එම වාහනය සඳහා රියදුරෙක් ලබාදී නොමැති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉන්ධන ලබාදීමක් ද සිදුකර නොමැති බව අගමැතිනිය අදාළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා සිටියාය. 

චාමර සම්පත් මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “වාහන මාදිවෙල තියෙනවා. කැබ් පදිනවා. ඔබතුමිය කියනවා වගකීමෙන් දීලා නෑ කියලා. මම ඒක පිළිගන්නවා. අද රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක් පදිනවා. ඒකට වියදම වී8 එකට වඩා වැඩියි. නම කියන්න ද ? වසන්ත සමරසිංහ.  සමාජ මාධ්‍යයේ ගිය මෙන්න මේ වාහනේ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් යටතේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මේක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ. නම කියන්නේ නෑ. වල් අදිනවා. බණ්ඩාර වෙල පූනාගල වත්තේ වල් අදිනවා.”

Related posts

Hela Urumaya to contest at local polls under the UNP ticket

Mohamed Dilsad

සජබ ප්‍රධාන කාර්යාලයට ප්‍රහාරයක්

Mohamed Dilsad

Update: Samayan and five others killed in Kalutara shooting

Mohamed Dilsad

Leave a Comment