Trending Newsඑසැන පුවත්දේශීය

රටේ ආර්ථිකය, අර්බුදයක් කරා ගමන් කරනවා. විදේශ සංචිත අඩුවෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත්, ස්ථිර ලෙසම නැවත වරක් අර්බුදයක් කරා ගමන් කරමින් ඇතැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ජංගම ගිණුමේ 2024 දෙවන කාර්තුවේ ඩොලර් මිලියන 432 ක් වූ අතිරික්ත මුදල, තුන්වන කාර්තුවේ දී ඩොලර් මිලියන 303 දක්වා ඩොලර් මිලියන 129 කින් පහත බැස ඇත.

රටේ ආර්ථික බංකොලොත් භාවයක් ඇතිවූ පසුව ජංගම ගිණුමේ ධන ශේෂයක් පවත්වාගෙන යාමට පසුගිය රජයට හැකි වූ නමුත්, වත්මන් ආණ්ඩුවේ පළමු මාස තුන ඇතුලත එම මුදල ඩොලර් මිලියන 129 කින් පහත වැටී ඇත. ප්‍රාථමික ගිණුමේ මුදල් ඉතිරියක් වන්නේ ආයෝජන, දේශීයව වැය කිරීම සඳහා විදේශ ණය ගැනීම් ආදී මුදල් ලැබීම් හේතුවෙනි. ආණ්ඩුකරණයේ දුර්වලතාව සහ ආර්ථික සමීපව හැසිරවීමට අසමත්වීම ජංගම ගිණුමේ ශේෂය පහත වැටීමට මුලික හේතුවයි.

පසුගිය මාස දෙක තුල රටේ නිල විදේශ සංචිත ද පහත වැටී ඇත. අනුර කුමා දිසානායක මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පළමු මාසයේ ( 2024 ඔක්තෝබර්) නිල විදේශීය සංචිතය ඩොලර් මිලියන 6,472 ක් විය. එය නොවැම්බර් මස නොවැම්බර් මස ඩො. මි. 6,451 ඩොලර් මිලියන 21 කිනු අඩු විය. 2024 දෙසැම්බර් 31 දින වන විට මිලියන 6,091 ක් දක්වා, එනම් ඩොලර් මිලියන 360 කින් පහත වැටී තිබේ. මාස තුනක් තුල නිල සංචිත පහත වැටීම ඩොලර් මිලියන 381 කි.

පසුගිය රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව ආදී බහුපාර්ශවික ණයකරුවන්ට ගෙවිය යුතු සියළු ණය සහ පොලිය ගෙවූ නමුත් අඛණ්ඩව විදේශ සංචිත ඉහළ නංවා ගැනීමට ද, ජංගම ගිණුවේ ශේෂය ‘ධන’ අගයක පවත්වාගැනීමට සමත් විය. වත්මන් රජයේ පළමු දින 100 තුල එම තත්වය ආපසු හැරවී ඇත.

රජය මුදල් ඉතිරිකරන සමාජයේ සියලුම ස්ථරයන් වෙත බදු බර පැටවීමට මේ වන විටත් පියවර ගෙන ඇත. ළමා, කාන්තා, තරුණ හා වැඩිහිටි බැංකු ගිණුම් ද ඇතුළුව රටේ බැංකු ගිණුම් මිලියන 65 ක් පවතින අතර, ඒවායේ ඒවායේ තැම්පතු/ස්ථිර තැම්පතු රු. ට්‍රිලියන 17 ක් පවතී. මේ සියලු ගිණුම් ආවරණය වන පරිදි, රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩි කිරීම නිසා මේ සියලු ගිණුම් හරහා ලැබෙන පොලී ආදායම දෙගුණ කර ගැනීමට රජය කටයුතු කර ඇත.

රජය සිය බදු ආදායම වැඩි කර ගැනීමට ජනතාව වෙත පීඩනය එල්ල කරමින් සිටින නමුත්, ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට අසමත්ව ඇත. මෙහි පීඩණය ලබන අප්‍රේල් මස වන විට ඉතා දැඩි ලෙස සමාජයේ සෑම ස්ථිරයක් වෙතම දැනෙනු ඇත.

Related posts

Tamil Union elects Ramesh Schaffter as new president, inaugurates indoor nets

Mohamed Dilsad

Quentin Tarantino’s next set for August, 2019

Mohamed Dilsad

Huawei நிறுவனத்துடனான சில வர்த்தகச் செயல்பாடுகளை கூகுள் ரத்துசெய்துள்ளதா?

Mohamed Dilsad

Leave a Comment