Trending Newsඑසැන පුවත්දේශීය

ඇමති නලින්ද ජයතිස්සගේ උද්දච්ච ප්‍රකාශය, සමගි ජනබලවේගය හෙළා දකි

ජාතික පුවත්පතක පළ වු ප්‍රවෘත්තියක් පදනම් කර ගනිමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස කර ඇති තර්ජනය දැඩි පිළිකුලෙන් හෙළා දකිනබව නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය සඳහන් කරයි.

ජන මාධ්‍ය නිදහස ආරක්ෂා කරන බවට පොරොන්දු දුන් වත්මන් ආණ්ඩුව තම මතයට ගරු නොකරන මාධ්‍ය ආයතන වලට තර්ජනය කරමින් පීඩනයක් එල්ල කරමින් සිටින බවද සමගි ජන බලවේගය සඳහන් කරයි.

1988/89 පාලන සමයේදී තම නියෝගවලට එරෙහිව කටයුතු කළ තේවිස් ගුරුගේ, සාගරිකා ගෝමස්, කුලසිරි අමරතුංග, ප්‍රේම කීර්තිද අල්විස් වැනි මාධ්‍යවේදීන්ට ජනතා විමුක්ති පෙරමුණ පිළිතුරු ලබාදුන්නේ ගිනි අවියෙනි. අද ගිනි අවියෙන් උත්තර නොදුන්නත් සුපුරුදු පරිදි ජනමාධ්‍ය ඇමතිවරයා මාධ්‍යයට තර්ජනාත්මක ප්‍රකාශන තුළින් පීඩනයක් එල්ල කරයි.

පුරවැසියෙකුගේ අයිතිය උල්ලංඝනය වීමක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළ කළ එම පුවත්පත ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලාගේ භූමිකාව නිවැරදිව ඉටුකොට තිබේ. පුරවැසියෙකුට අතුරුගිරිය පොලිසියෙන් සිදුවූ අසාධාරණය එම පුවත්පත වාර්තා කර ඇති අතර පුවත වැරදි නම් විසඳා ගැනීමේ ක්‍රමය අනුගමනය නොකොට ජනමාධ්‍ය ඇමතිවරයා ජනමාධ්‍ය බය කරමින් තමන්ට අකමැති මත දරන්නන් මර්ධනය කිරීමට ක්‍රියා කරන්නේ දැඩි උද්දච්ච භාවයෙන් වහසි බස් දොඩවමිනි.

ජනමාධ්‍යයේ අයිතිය සහ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙලෙස ක්‍රිය කිරීම වහාම නතර කළ යුතු බවද අවධාරණය කර තිබේ.

එම නිවේදනය පහතින්

Related posts

மட்டக்களப்பு – கல்லடியில் பெண்ணொருவரின் உடலம் மீட்பு

Mohamed Dilsad

Netanyahu cancels UN deal to resettle African migrants

Mohamed Dilsad

Fire broke out at housing complex in Dematagoda

Mohamed Dilsad

Leave a Comment