Trending Newsඑසැන පුවත්දේශීය

තැබෑරුම් බලපත්‍රවලින් රාජ්‍ය ආදායම වැඩිවුණා.එන අවුරුද්දේ තව බලපත්‍ර 300ක් දෙන්න සැලසුම් කර තිබුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

පසුගිය රජය සමයේ නිකුත් කර ඇති මත්පැන් අලෙවිසැල් බලපත‍්‍ර කිසිවක් රහසින් හෝ නීති විරෝධීව නිකුත් කරන ලද එවා නොවන බවත් එක් බලපත‍්‍රයක් සඳහා ගාස්තුවක් රජය අයකර ඇති බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මත්පැත් බලපත‍්‍ර කිසිවක් මන්ත්‍රීවරුන්ට හෝ වෙනත් කිසිවෙකුට අල්ලස් ලෙස ලබාදීන් නැති බවත් නිත්‍යානුකූල ආකාරයෙන් රජයට ආදායමක් ලබා ගැනීම සඳහා ඒවා නිකුත් කර ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

”බාර් ලයිසන් මම නිකන් දුන්නේ නෑ. මිලියන 10-15-20 බැගින් මුදල් වලට විකිණුවා. එයින් රාජ්‍ය ආදායමට හොඳ ගාණක් එකතු කරගත්තා. මේවා සෘජු බදු නැතිව ආදායම් එකතු කරන මාර්ග. මේ බාර් ලයිසන් ටිකෙන් බිලියන හතරක් පහක් රාජ්‍ය ආදායමට එකතු වෙන්න ඇති.

මං මොකටද කාටවත් අල්ලස් දෙන්නේ? මේ එකක්වත් නොමිලේ දුන්නේ නෑ. ඕනැ කෙනෙක් සල්ලි දුන්න නම් ලයිසන් එක දුන්නා. සමහර මන්ත්‍රීවරුනුත් බාර් ලයිසන් ගන්න සමහර අය එව්වා. ඒත් මම එක්කෙනෙක්ටවත් නිකං දුන්නේ නෑ. ඒ නිසා කාටවත් පෞද්ගලිකව මුදල් උපයා ගන්න ලැබුනේ නෑ.රටේ බාර් එක්දහස් ගාණක් තියෙනවා.

අපි තවත් තුන්සිය ගාණකට ලයිසන් දුන්නා. ලබන වසරේ තව තුන්සියකට ලයිසන් දෙන්න හිටියේ. මේවායින් මිලියන 15 බැගින් එකතු කළා නම් රාජ්‍ය ආදායමට කොච්චර මුදලක්ද

මේ බාර් ලයිසන් හොර රහසේ දීපුවා නෙමෙයි. මගෙන් ඉල්ලුවා නම් මම මීටත් කලින් මේ ලැයිස්තු දෙනවනේ. අනෙක, ඔය බාර් ලයිසන් තුන්සිය ගණනට සංචාරක හෝටලත් අයිතියි.

සුරා බදු ආදායම් කියන්නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්. මේවා හංගගෙන බොරු සුචරිතවාද පෙන්නගෙන ඉන්න අවශ්‍ය නෑ”

Related posts

සම්බන්ධන් සහ දිගම්බරන්ට පාර්ලිමේන්තුව මාස 3 ක නිවාඩු අනුමත කරයි

Mohamed Dilsad

පාසල් සිසුන් අතර දුම්කොළ භාවිතය ඉහළට

Mohamed Dilsad

பல பிரதேசங்களில் மழையுடனான காலநிலை…

Mohamed Dilsad

Leave a Comment