Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුව අද (03) උදෑසන රැස්වෙයි.

පාර්ලිමේන්තුව කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන 09.30ට රැස්වීමට නියමිතව තිබේ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවය. 

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතය.

එමෙන්ම 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබේ. 

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අදාළ පත්කිරීම සඳහා එකඟතාව පළකර ඇති බව සදහන් වේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථා දෙකක දී මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

Related posts

அரசியலில் உள்ள அனைவரும் ஊழல் மோசடியாளர்களை பாதுக்கின்றனர் – [VIDEO]

Mohamed Dilsad

David de Gea: Man Utd activate one-year extension on keeper’s contract

Mohamed Dilsad

Australia apologises to sex abuse victims

Mohamed Dilsad

Leave a Comment