Trending Newsඑසැන පුවත්දේශීය

වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් හානි වූ වගා, නැවත ඇරඹීමට රජයෙන් සහාය.

පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වැසි හේතුවෙන් දිවයිනේ හානියට පත්වූ වගාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා විශේෂ අවධානයක් යොමු කර තිබේ.

ඒ පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්, කෘෂිකර්ම හා වාරි මාර්ග බලධාරීන් සමඟ ඊයේ විශේෂ සාකච්ඡා කර තිබේ. එහිදී තීරණය කර ඇත්තේ, ගොවීන්ගේ හානියට ලක්වූ වගාවන් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පූර්ණ සහය ලබා දීමටයි.

ඒ අනුව ගොවීන් වෙත බිත්තර වී ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසා දීමටත් ඒ සඳහා වහාම වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, කැඩී බිඳී ඇති වාරි පද්ධති වහාම පිළිසකර කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යවරයා එහිදී දිසාපතිවරුන් සහ වාරි බලධාරීන් හට උපදෙස් ලබා දී තිබිණ.

Related posts

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

Mohamed Dilsad

சப்ரகமுவ பல்கலைக்கழக மருத்துவ பீடம் திறப்பதற்கு எதிர்ப்பு தெரிவித்து ஆர்ப்பாட்டம்…

Mohamed Dilsad

Leave a Comment