Trending Newsඑසැන පුවත්දේශීය

වරප්‍රසාද එපා කියූ, මාලිමාවේ 80ක් මාදිවෙල පදිංචියට එන්න සූදානමින්

මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නැතැයි පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙසේ ද කීවාය. මේ වනවිට මන්ත්‍රී නිවාස ලබාගැනීම සඳහා අයදුම්පත් 94ක් ලැබී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් නැවත බාරදුන් නිවාස 25ක් – 30ක් පමණ ප්‍රමාණයක් මේ වනවිට අලුත්වැඩියා කර කර තිබෙනවා. අයදුම්පත් ලැබෙන ප්‍රමුඛතාවය අනුව එම නිවාස ඉදිරියේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙනවා යැයි ද, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවාසවලින් 80ක් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සඳහා ද 28ක් විපක්ෂයේ මන්ත්‍රීවරු සඳහාත් වෙන්කර ඇතැයි ද ඇය කීවාය. පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් 40කට වඩා දුරකින් නිවස පිහිටා ඇති මන්ත්‍රීවරුන්ට ඒ සඳහා අයදුම්කළ හැකි බව ද, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

Related posts

“தவறுகளை தொடர்ந்தும் செய்யாமல் பெரும்பான்மைக்கு மதிப்பளித்து பிரதமரை நியமியுங்கள்” – ரிஷாட்…

Mohamed Dilsad

கழுத்தறுத்து கொலை செய்யப்பட்ட நிலையில் வீடொன்றில் இருந்து சடலம் மீட்பு

Mohamed Dilsad

Five youth arrested over Slave Island attack remanded

Mohamed Dilsad

Leave a Comment