Trending Newsඑසැන පුවත්දේශීය

නිදන් හෑරීමට නියෝග නොදුන් බව අත්තනගල්ල මහෙස්ත්‍රාත් කියයි.

මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්න වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ නිදන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නැතැයි අත්තනගල්ල මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න විවෘත අධිකරණය ප්‍රකාශ කළේය. එම ස්ථානයේ කැණීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකාය දුන් වාර්තාව අනුව පො⁣ළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කරන ලෙස පමණක් නියෝග දුන් බව හෙතෙම සඳහන් කරයි.

අදාළ කැණීම සම්බන්ධයෙන් අධිකරණයට අද (26) කරුණු වාර්තා කළ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එ්බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර අද (26) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවයි.

කෙසේ නමුත් , එකී කැණීම පිළිබඳ අදහස් දැක්වූ කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති සඳහන් කළේ, නිධානයක් හාරමින් තියෙනවා. රටේ හොඳ කලදසාව එනකොට ඔක්කොම පිනට පහළ වෙනවා යැයි ද රැස්වීමකදී සඳහන් කළේය.

එම වීඩියෝවේ සැබැඳිය පහතින්

https://www.facebook.com/watch/?ref=embed_video&v=935791581793791

Related posts

එළොව ගිහින් මෙළොව ආ ආච්චි අම්මා

Mohamed Dilsad

බෙරලපනාතර සමූප ඡන්දයෙන් මාලිමාව ට අන්ත පරාජයක් ; ආණ්ඩුවේ ඇමතිවරුත් කැන්වසින් ගිහින්

Editor O

பதவியில் இருந்து விலகும் விஜயகலா மஹேஸ்வரன்

Mohamed Dilsad

Leave a Comment