Trending Newsඑසැන පුවත්දේශීය

පනින රිලවුන්ට ඉනිමං බැඳපු කාලය අවසන් – ලාල් කාන්ත තීරණයක් ගනී.

ගොවි වගා බිම් වලට රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම සිදුවන හානිය හේතුවෙන් එය පාලනය කිරීමට පුළුල් හා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළව මෙරට රිලා ගහනය පිළිබඳ සමීක්ෂණයක් කිරීමට ද සැලසුම් කර ඇත.

රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් මෙරට භෝග වගාවන්ට සිදුවන හානිය අවම කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ. වගා හානි කරන සත්ත්ව ගහන ව්‍යාප්ති පාලනයට හා ඔවුන්ගෙන් භෝග වලට වන හානිය වැළැක්වීමටද වෙනම ඒකකයක් අමාත්‍යංශය තුළ ස්ථාපිත කිරීමටද තීරණය වී තිබේ.

Related posts

மரக்கறி வகைகளின் விலை வீழ்ச்சி

Mohamed Dilsad

மாணவர்களுக்கான சீருடை வவுச்சர்கள் முதலாம் தவணை ஆரம்பத்தில்

Mohamed Dilsad

Iranian aid convoy sent to flood-stricken Sri Lanka

Mohamed Dilsad

Leave a Comment