Trending Newsඑසැන පුවත්දේශීය

පනින රිලවුන්ට ඉනිමං බැඳපු කාලය අවසන් – ලාල් කාන්ත තීරණයක් ගනී.

ගොවි වගා බිම් වලට රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් දිගින් දිගටම සිදුවන හානිය හේතුවෙන් එය පාලනය කිරීමට පුළුල් හා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. ඊට අදාළව මෙරට රිලා ගහනය පිළිබඳ සමීක්ෂණයක් කිරීමට ද සැලසුම් කර ඇත.

රිලවුන් ඇතුළු වන සතුන්ගෙන් මෙරට භෝග වගාවන්ට සිදුවන හානිය අවම කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ. වගා හානි කරන සත්ත්ව ගහන ව්‍යාප්ති පාලනයට හා ඔවුන්ගෙන් භෝග වලට වන හානිය වැළැක්වීමටද වෙනම ඒකකයක් අමාත්‍යංශය තුළ ස්ථාපිත කිරීමටද තීරණය වී තිබේ.

Related posts

கதாநாயகியாக அறிமுகமாகும் கல்பனாவின் மகள்

Mohamed Dilsad

பேஸ்புக் நிறுவனத்திற்கு பெரும் தொகை அபராதம்…

Mohamed Dilsad

கடுவலை முதல் பியகம வரையிலான வீதிக்கு பூட்டு

Mohamed Dilsad

Leave a Comment