Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනයට තීරණය කරයි.

රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස, නාඩු සහල් ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික්⁣ ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් සහල් තොග ආනයනයට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (20) ප්‍රකාශ කළේය. .

රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට ඉන්දියාවෙන් නාඩු සහල් ආනයනය කළ යුතු බවයි. කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුලේ තිබෙන බවත් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.

ආනයනික නාඩු සහල් කිලෝවක් රු. 220ක පමණ මිලකට අළෙවි කළ හැකි වනු ඇතැයි පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ සංඛ්‍යාලේඛන අනුව සහල් අතිරික්තයක් රට තුළ තිබිය යුතු බව පෙනුනද, සත්‍ය ලෙසම සහල් තොග රට තුළ නැති බවයි.

Related posts

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

Editor O

மோசமான களத்தடுப்பே தோல்விக்கு காரணம்…

Mohamed Dilsad

VIP Assassination Plot: Law and Order Ministry recommends NPC to interdict DIG Nalaka de Silva

Mohamed Dilsad

Leave a Comment