Trending Newsඑසැන පුවත්දේශීය

වසංගත රෝග සඳහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකයක් ස්ථාපිත කෙරේ

වසංගත රෝග තත්ත්වයන් සදහා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ඒකකය විවෘත කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ දී ඊයේ සිදු කෙරිණ.

මෙම ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්ත වීමේ අවදානම නිසාවෙන් වන අතර, ඒකකය පෙරවරු 7.00 සිට පස්වරු 6.00 දක්වා විවෘතව තැබෙන බව සඳහන්.

ඒ අනුව 011 – 744 65 13 / 011-768 27 22 / 011- 768 28 72 / 011- 768 26 62 යන දුරකථන අංක ඔස්සේ සරම්ප, රුබෙල්ලා ඇතුලු වසංගත රෝග පිළිබඳ තොරතුරු විමසා ජනතාවට දැනුම්වත් විය හැකිය.

එමෙන්ම නොවැම්බර් මස 04 සිට 09 දක්වා විශේෂ සරම්ප, රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පැවැත්වීමට තීරණය කර ඇති අතර එම සතිය තුළ ගත යුතු ක්‍රියාමාර්ග සහ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානම පාලනය සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද වසංගත රෝග විද්‍යා අංශයේ දී පැවැත්වින.

රෝගය පැතිරීම වැළක්වාලීමට නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ මහජනතාව දැනුවත් කරන ලෙසයි සෞඛ්‍ය ලේකම්වරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබිණ.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කිරීමටත්, පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මගින් ජනතාව දැනුවත් කිරිමටත්, පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දෙන ලදි.

Related posts

UPDATE- தமிழ் தேசிய கூட்டமைப்பு மற்றும் மக்கள் விடுதலை முன்னணிக்கும் இடையிலான கலந்துரையாடல் ஆரம்பம்

Mohamed Dilsad

නියෝජ්‍ය කථානායකවරයාගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

அரச அமைச்சரவைப் பேச்சாளரான, கெஹெலிய ரம்புக்வெல்லவின் மகனுக்கு பிடியானை

Mohamed Dilsad

Leave a Comment