Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක් ලබන අයට විශේෂ දැනුම් දීමක්

2017 අංක 24 දරණ දේශිය ආදායම් පනතට අනුව මසකට රුපියල් ලක්ෂයකට වැඩි හෝ වසරකට රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායම් ලබන්නන් බදු ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එමෙන්ම වාර්ෂික අදායම හෝ ලාබය රුපියල් ලක්ෂ 12ට අඩු ආදායම් ලබන පුද්ගලයින් ආදායම් බදු ගෙවිය යුතු නැති බවත්, දැනටමත් ගෙවීම් පත්‍රිකා ලැබී ඇත්නම්, එය නොසළකා හරින ලෙසද ආදායම් දේපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

කෙසේ වෙතත් තමාගේ ආදායම ප්‍රකාශිත වාර්තාවක් මාර්ගගත ක්‍රමය භාවිත කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙසද ඉල්ලීමක් කරයි. ඒ අනුව, නොවැම්බර් 30 වනදාට පෙර 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගලයන් ඒවා මාර්ගගතව ඉදිරිපත් තළ යුතුයි.

මේ අතර 2023/2024 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ඉදිරිපත් කළ යුතු පුද්ගල සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 534,696 කින් ඉහළ ගොස් තිබේ.එය පෙර තක්සේරු වර්ෂයේදී 333,013 ක් ලෙස සටහන් ව තිබිණ, මෙම වසරේදී එය 868,009 ක් ලෙස දැක්වෙන බව එහි සඳහන් කර තිබෙනවා.

Related posts

300 ATMs to be installed in main rail stations – Min. Nimal Siripala

Mohamed Dilsad

Navy apprehends persons transporting 1,268 kg of beedi leaves

Mohamed Dilsad

සංවර්ධන නිලධාරී සේවා සංගමය අකුරට වැඩ කිරීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment