Trending Newsඑසැන පුවත්දේශීය

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුවට පාර්ලි‍‍මේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා සහභාගී වෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඔක්තෝබර් 13 සිට 17 පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 149 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා සහභාගී වූහ.

අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන ගෝලීය කැපවීම තහවුරු කරමින් පැවති මෙම සමුළුව සඳහා රටවල් 130 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 630 කට අධික පිරිසක් සහභාගී වූහ. පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී  වැදගත් රැස්වීම් සහ සාකච්ඡා මාලාවකට ද ක්‍රියාකාරීව සහභාගි වූහ.

ඒ අනුව ඔවුහු  පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ සංගමයේ රැස්වීම, ආසියා පැසිෆික් කණ්ඩායම් රැස්වීම, තිරසාර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටු රැස්වීම සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඇතුළු ප්‍රධාන රැස්වීම් කිහිපයකට ද  සහභාගී වූහ. මෙහිදී ගෝලීය වශයෙන්  පාර්ලිමේන්තුවලට මුහුණදීමට සිදුවන අභියෝග සහ  පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබදව කාලීන වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීම ද සිදුවිය.

පාර්ලිමේන්තු කථානායකවරුන් 54 දෙනෙකු, නියෝජ්‍ය කථානායකවරුන් 36 දෙනෙකු සහභාගී වූ මෙම සමුළුවේ මන්ත්‍රීවරයන්ගෙන් සියයට 36ක් කාන්තාවන් වූ අතර, වයස අවුරුදු 45ට අඩු නියෝජිතයින්ගේ ප්‍රතිශතය සියයට 25ක් විය. මෙලෙස විවිධත්වයෙන් යුතු නියෝජිත පිරිසකගෙන් සමන්විත වූ සමුළුවේදී පාර්ලිමේන්තු භූමිකාවන්හි නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සාමූහික කැපවීම අවධාරණය කෙරිණි.

තවද මෙරට පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ආචාර්ය ටූලියා ඇක්සන් , ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සහයෝගීතා වැඩසටහනේ උපදේශක බ්‍රිජිට් ෆිලියන් (සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තිරසර සංවර්ධන ඉලක්ක වැඩසටහනේ ව්‍යාපෘති නිලධාරී / උපදේශක ඉසබෙල් ඔබදියාරු යන මහත්මීන් සමඟ සාකච්ඡාවලට එක්වූහ. එසේම ඔවුහු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ න්‍යෂ්ටික ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය එලේනා බුග්ලෝවා මහත්මිය සහ  භූතානයේ ජාතික සභාවේ මහලේකම් ඩුබා මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූහ.

“වඩාත් සාමකාමී සහ තිරසාර අනාගතයක් සඳහා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන උපයෝගි කර ගැනීම” යන තේමාව ඔස්සේ ප්‍රධාන සමුළුව පැවති අතර, නියෝජිතයින්ට අදහස් හුවමාරු කර ගැනීමට, ගෝලීය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට සහ තිරසාර සංවර්ධනය සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට එම අවස්ථාව වැදගත් වේදිකාවක් බවට පත්විය.

ජාත්‍යන්තර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කරමින් වඩාත් හරවත් සංවාදයක් තුළින් ව්‍යවස්ථාදායක කටයුතුවල පොදු අභියෝගවලට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළි තහවුරු කිරීම මෙම සමුළුවේ මෙරට නියෝජනය මගින් සිදුවිය.

Related posts

Norway announces USD 1.2 million aid to Sri Lanka

Mohamed Dilsad

காமினி செனரத் உள்ளிட்டோரின் வழக்கு தினம் தோறும் விசாரணைக்கு…

Mohamed Dilsad

UNP appoints its first CEO to take charge of administrative affairs

Mohamed Dilsad

Leave a Comment