Trending Newsඑසැන පුවත්දේශීය

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතුයි – අගමැති හරිනි අමරසූරිය

රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිවයුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් සමඟ එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ 2025 වසරේ සිට නිදහස් උළෙල ප්‍රභූන් වෙනුවෙන් නොව මහජනයා වෙනුවෙන් පවත්වන බවයි. පාසල් දරුවන්ට, සාමාන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස නිදහස් උත්සවය සංවිධානය විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. සිහි කැඳවීම් මායිම් නොකර නිල නිවාස තබාගෙන සිටින සැමට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එය දේශපාලන පළිගැනීමක් ලෙස නොසිතා කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අමාත්‍යධුර අහෝසි වීමත් සමඟ නිල නිවාස භාර දීම සිදුවිය යුතු බවත් මෙතෙක් නිල නිවාස භාර නොදුන් අය වෙත යළි සිහි කැඳවීම් කර ප්‍රතිචාර නොලැබෙනවා නම් පමණක් නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් අගමැතිවරිය උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අමාත්‍යාංශ නිලධාරීන් විසින් අගමැතිවරිය දැනුවත් කළ අතර හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිතා කළ නිල නිවාසය අවශ්‍ය මැනුම් කටයුතු කර එකී ඉඩම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට භාරදීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට දැනුම්දී ඇති බව සඳහන්.

Related posts

Chief Financial Officer of Sri Lanka Cricket remanded

Mohamed Dilsad

UN to ban non-essential Lankan Army Troops

Mohamed Dilsad

ප්‍රාථමික පන්ති වලටත් හෙට සිට නිවාඩු

Mohamed Dilsad

Leave a Comment