Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ අපේක්ෂකයන් 04 දෙනයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කෙරිණි.

ඒ අනුව ඉන් අපේක්ෂකයන් 04 දෙනෙකු පමණක් ආදායම් වියදම් වාර්තා ලබාදී තිබේ. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජේදාස රාජපක්ෂ ,  ශ්‍රි ලංකා සමාජවාදි පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලරත්න යන අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ. මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ඔක්තෝබර් 13 දිනට පෙර එම වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය. ඔක්තෝබර් 13 වෙනිදාට පසු වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන් ට අදාළව නීතියමය පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

Three suspects including Kochchikade suicide bomber’s brother arrested and detained

Mohamed Dilsad

தொடரூந்து சேவை பாதிப்பு

Mohamed Dilsad

உதயங்க வீரதுங்கவை அழைத்துவர ஏழு பேர் கொண்ட குழு டுபாய் பயணம்

Mohamed Dilsad

Leave a Comment