Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයේ ආදායම් – වියදම් වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ අපේක්ෂකයන් 04 දෙනයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 34 දෙනෙකු ප්‍රචාරක වියදම් වාර්තා මෙතෙක් ලබාදි නතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 38 දෙනෙකු තරග කෙරිණි.

ඒ අනුව ඉන් අපේක්ෂකයන් 04 දෙනෙකු පමණක් ආදායම් වියදම් වාර්තා ලබාදී තිබේ. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක විජේදාස රාජපක්ෂ ,  ශ්‍රි ලංකා සමාජවාදි පක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂක මහින්ද දේවගේ, ස්වාධීන අපේක්ෂක ප්‍රේමසිරි මානගේ සහ කේ.ආනන්ද කුලරත්න යන අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබේ. මැතිවරණ වියදම් සීමා කිරීමේ පනතට අනුව ඔක්තෝබර් 13 දිනට පෙර එම වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුය. ඔක්තෝබර් 13 වෙනිදාට පසු වියදම් වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයන් ට අදාළව නීතියමය පියවර ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

09 හැවිරිදි දැරියක් සැකසහිත ලෙස මරුට

Mohamed Dilsad

ටෙක්සාස් ගංවතුරෙන් 43 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

දොස්තරගේ ඝාතකයා ට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment