Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් සමාජ මාධ්‍ය පණිවිඩ ගැන දැනුවත් කිරීමක්

එක්තරා දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූ පිරිසකට රුපියල් 50,000 ක ආධාරයක් දෙන බවට, මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන පණිවිඩ ව්‍යාජ බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (අනුකුලතා) මේනකා පතිරණ මහත්මිය ප්‍රකාශ කළාය.

එවැනි ව්‍යාජ පණිවිඩ හා සම්බන්ධ වී සිය පෞද්ගලික බැංකු ගිණුමට ප්‍රවිෂ්ට වීමේ දී භාවිතා වන රහස් අංකය, මුරපදය සහ OTP අංකය යනාදී තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස ඇය මහජනතාවට දැනුම්වත් කෙරේ. එමෙන්ම, මෙවැනි පණිවිඩ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන හෙයින් එවැනි කිසිදු අවස්ථාවක දී සිය පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

Related posts

க.பொ.த சாதாரண தர பரீட்சைக்கு விண்ணப்பிக்கும் கால எல்லை நீடிப்பு

Mohamed Dilsad

04ம் திகதி கொழும்பில் விஷேட போக்குவரத்து திட்டம்

Mohamed Dilsad

சுரக்ஸா காப்புறுதி தொடர்பில் கல்வியமைச்சின் விசேட அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment