Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකගෙන් ජනාධිපති අනුරට සුබපැතුම්

ශ්‍රී ලංකාව අරඹන නව ගමනට හදවතින්ම සුබ පතන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. අනුර දිසානායක ජනාධිපති ධූරයට පත්වීම ට අදාළව සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සඳහන් කරයි.

ලාංකීය පුරවැසියන් සිය මවුබිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර ඇති බවද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම සටහන මගින් දැනුම් දී තිබෙනවා.

එම සටහන පහතින් .

“සුභාශිංසනයයි..,

ලාංකීය පුරවැසියන් සිය මවුබිම අනාගත ලෝකය කරා ගෙනයාමේ නව නියමුවා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් තෝරාගත් බව මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් සනාථ කර තිබේ..

මෙරට නම වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මැතිතුමන් ජයග්‍රහණය කිරීම රට පුරා මහජනයා විසින් සිය ජන්දය අතිශය සාමකාමීව භාවිතය මඟින් ඇති කළ වෙනසක් බව මගේ නිරීක්ෂණය යි..

කිසිදු බරපතළ ගණයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව මෙවන් ප්‍රතිඵලයක් අත්පත් කරගැනීමේ ගෞරවය නිසැකවම ජය – පැරදුම එක ලෙස විඳින්නට තීරණය කළ අපගේ ජනාධිපති අපේක්ෂකයන් ගේ ජයක් මෙන්ම, මැතිවරණ කොමිසමේ, ත්‍රිවිධ හමුදා, පොලිසිය ප්‍රමුඛ ආරක්ෂක අංශයේ මෙන්ම දැනුවත් පුරවැසියාගේද ප්‍රජාතන්ත්‍රවාදයේ ද සැබෑ ජයග්‍රහණයකි..

අනුර කුමාර දිසානායක මැතිතුමන් කෙරෙහි ඇති වූ මේ මහජන විශ්වාසය එක රැයින් පහළ වූවක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ දීර්ඝ කලක් නියුක්ත වීමේ ප්‍රතිඵලයක් බවද මෙහිදී පෙන්වා දිය යුතුය..

වර්තමානයේ ඔහු ඉදිරියේ ඇත්තේ පහසු අභියෝගයක් නොවේ..

අපගේ සමාජ, ආර්ථික,දේශපාලනික දේහයේ විචල්‍යතා මැනවින් හඳුනාගන්නා අතරෙහි ගෝලීය භූ දේශපාලනික ප්‍රවණතා අතර නොගැටෙමින් හෙතෙම මේ දීර්ඝ ගමන තිරසාරව යා යුතුය..

ඒ සඳහා ප්‍රමාණවත් දේශපාලන අධ්ෂ්ඨානය ඔහු සතු බව මගේ විශ්වාසයයි..

නව විධායක ජනාධිපතිවරයකු සමඟ ශ්‍රී ලංකාව මේ අරඹන නව ගමනට හදවතින්ම සුබ පතමි..

මහින්ද යාපා අබේවර්ධන,

කථානායක ,

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.”

Related posts

Kristen Stewart opens up about playing Jean Seberg in her latest flick

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 183 දක්වා ඉහළට

Mohamed Dilsad

இலஞ்சம் பெற்ற உதவி பொலிஸ் அத்தியட்சகர் கைது

Mohamed Dilsad

Leave a Comment