Trending Newsඑසැන පුවත්දේශීය

ඡන්ද පෙට්ටි, ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය ඇරඹේ

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය අද (20) උදෑසන ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 කි.

ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් යොදවා තිබේ. .ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

මේ අතර, ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නිතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථාන අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම හෙට උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරේ. එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

Related posts

China acknowledges diplomatic contacts with Rajapaksa, Wikremesinghe

Mohamed Dilsad

කෙදිරි ගාන්න එපා 2026 සිට, අල 220ට ලූණු 150ට ගන්න ලෑස්ති වෙන්න. – ලාල් කාන්ත

Editor O

கொழும்பில் 60 சதவீத பாடசாலையில் டெங்கு

Mohamed Dilsad

Leave a Comment