Trending Newsඑසැන පුවත්දේශීය

බිනර පෝය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම ඇතුළු සාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් බිනර පෝය දින සිදු කර තිබේ.

කාන්තාවන්ට පැවිදිබාවය ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු සසුනට එක්වීම මෙම පොහෝ දිනයේ සිදුවී ඇතැයි සාසන ඉතිහාසයේ සඳහන්. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනයක වන අතර වස් සමයේ අතරමැදි පොහොය ලෙස ද මෙම බිනර පොහොය සලකනු ලබයි.    

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමත්, බුදුන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර සේරුවාවිල මහා සෑය ඉදිකිරීමත් මෙම පොහොය දිනයේදී ඇති සුවිහේෂ සිදුවී අතර ව

බිනර පුරපසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල දී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන වී තිබේ.

Related posts

Muslims requested not to gather for prayers today

Mohamed Dilsad

Pope keeps silent on abuse claim letter

Mohamed Dilsad

හොර පාස්පෝට් එකක් සෑදූ ලෙබනන් ජාතිකයෙකු රටින් හරවා යවයි

Mohamed Dilsad

Leave a Comment