Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන ඉන්දීය මහකොමසාරිස්ගෙන් ඉඟියක්…?

(UTV | කොළඹ) –

ඉන්දියාවේ 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් මෙරට දේශපාලනඥයින් ට්විටර් ගිණුම් මගින් සුබ පැතුම් එක් කර තිබූ අතර ඉන් කිහිපයකට ඉන්දියාවේ මෙරට මහකොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතාගේ සුබ පැතුමට මහකොමසාරිස්වරයා සිය ස්තූතිය පළ කර තිබූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද ඉන්දීයාවේ 78 වන නිදහස් දිනය සඳහා සුබ පැතුම් යොමු කර තිබිණ, එය ට ද සන්තෝෂ් ජාහ් සිය ස්තූතිය ප්‍රකාශ කර තිබිණ. එමෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට සුබ පැතුමට ද ඉන්දීය මහ කොමසාරිස්වරයා ස්තුතිය පළ කර තිබිණ,

විපක්ෂ නායක මෙන්ම සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සුබ පැතුමට ස්තූතිය පළ කර තිබූ මහ කොමසාරිස්වරයා එයට,  “අපගේ සබඳතා වඩාත් ඉහළ මට්ටමකට ගෙන ඒමට සූදානම්..!” යනුවෙන් විශේෂ සටහනක් යොදා තිබිණ.

මේ වනවිට අදාළ පිළිතුර සම්බන්ධයෙන් දේශපාලන විචාරකයින් අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම පිළිතුර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන ඉඟියක් විය හැකි බවයි.

 

Related posts

பூஜித் – ஹேமசிறியின் வங்கிக் கணக்குகளை நீதிமன்றில் சமர்ப்பிக்குமாறு உத்தரவு

Mohamed Dilsad

“Youth defeated MR at the 2015 Election” -Dilum Amunugama

Mohamed Dilsad

15-hour water cut in Colombo

Mohamed Dilsad

Leave a Comment