ප්‍රමුඛ පුවත 1

මුදල් වංචාවකට සම්බන්ධ සිව් දෙනෙකු අත්අඩංගුවට

(උදයම්, කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ නිලධාරීන් යැයි පවසා මුදල් වංචා කිරීමට තැත් කළ පුද්ගලයෝ සිව් දෙනෙක් අත්අඩංගුවට ගැනෙති.

බණ්ඩාරවෙල,දුම්රිය ස්ථානය අසළ දී ඊයේ ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල පදිංචිව සිටින පුද්ගලයින්ගෙන් සැකකරුවන් මෙලෙස මුදල් වංචා කිරීමට තැත් කර ඇති බවයි.

ඔවුන් පදිංචි ඉඩම්වල ඔප්පු ලබාදීමට තමන් පැමිණි බවත්, ඒ සඳහා මුදල් ගෙවන ලෙසටත් සැකකරුවන් දැනුම් දී තිබේ.

නිවැසියන්ට ඒ පිළිබදව සැක සිතී පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් බොරැල්ල,දෙමටගොඩ සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.

 

Related posts

අදත් දිස්ත්‍රික්ක කිහිපයක විශේෂ සෝදිසි මෙහෙයුම්.

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 100 දක්වා ඉහලට

Mohamed Dilsad

වැඩි මිලට කිරිපිටි වික්කොත් කියන්න

Mohamed Dilsad

Leave a Comment