Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වතු සේවකයන්ගේ වැඩිකළ වැටුප ගෙවීමට වතු සමාගම් එකඟතාවයකට

(UTV | කොළඹ) –

වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵළදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට එකඟ වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට, අදාළ වතු සමාගම් අමාත්‍යවරයාට එකඟතාව පළ කර තිබෙන බව සඳහන්. මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් වතු සමගාම් 09ක නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී එම තීරණවලට එළඹ තිබේ.

වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසේ සිට වැඩි කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර මේ වසරේ මැයි 01දා ඒ සම්බන්ධ ගැසට් නිවේදනය පළ කර තිබෙනවා. එහෙත් එයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹී තිබූ අතර අධිකරණය විසින්ද මේ සම්බන්ධව එකඟතාවයකට එළඹී කටයුතු කරන ලෙසයි දැනුම්දී තිබෙන්නේ.

Related posts

“Protect rights of Sri Lankan Tamils” – M. K. Stalin to UNHRC

Mohamed Dilsad

லண்டன் விமானநிலையம் திடீரென மூடப்பட்டது

Mohamed Dilsad

තෙල් – වරාය – විදුලිය අද කොළඹ විරෝධතා මාලාවක

Mohamed Dilsad

Leave a Comment