Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “83 (ආ)” සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 (ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා “ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක්” සකස් කිරීම පිණිස ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(02), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන් හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් තිබෙන බව නිරික්ෂණය වී ඇතැයි රජයේ මතය බව අදාළ යෝජනාවේ සඳහන් වෙයි.

ඒ පිළිබඳව වන සැකය මඟ හරවා ගැනීම සහ කවර හෝ අනනුකූලතාවයක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා” යන වචනය වෙුනවෙන් “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචනය ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

Related posts

Sri Lanka’s footwear sector tributes Industry Minister

Mohamed Dilsad

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට ඉන්ධන පොම්ප කිරීම ඇරඹේ

Mohamed Dilsad

Japanese cult leader Shoko Asahara executed

Mohamed Dilsad

Leave a Comment