Trending Newsඑසැන පුවත්දේශීය

දුම්රිය වර්ජනයෙන් මගීන් පීඩාවට.

(UTV | කොළඹ) –

දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩවර්ජනයෙන් මගින් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. වර්ජනයේ නිරත දුම්රිය සේවකයන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දුම්රිය මගීන් පිළිකුලෙන් යුතුව අදහස් පළ කළහ. මගීන් සඳහන් කරන්නේ, පිළී පැනීම් සහ වර්ජන දුම්රිය සේවකයන්ගේ පළමු කාර්යය වී ඇති බවයි.

ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කර ඇති හෙයින් මෙම හදිසි වැඩවර්ජනය නීති විරෝධී ක්‍රියාවක් බවත් සේවයට වාර්තා නොකරන සේවකයින්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූපසිංහ මහතා සඳහන් කළේය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම වර්ජනය ආරම්භ කිරීමත් සමඟ බදුල්ල ,ත්‍රිකුණාමලය හා මඩකලපුව තැපැල් දුම්රියන් අවලංගු කෙරිණ. එමෙන්ම කාර්යාලීය දුම්රිය රැසක් ද අවලංගු කිරීමට සිදු වූ අතර මේ හේතුවෙන් රාජ්‍ය සේවකයන් ඇතුළු විශාල පිරිසක් දැඩි අසීරුවට පත්වූහ.

මෙසේ හදිසි වැඩවර්ජනයක් කැඳවීම නීති විරෝධී බවත්  ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පසුගිය සතියේ ගැසට් කර ඇති බව ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූපසිංහ මහතා පවසනවා. දුම්රිය අවංගු කිරීම හේතුවෙන්  පීඩාවට පත්වූ ජනතාවෙ වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදවා ප්‍රවාහනව පහසුකම් සැලසීමට පියවර ගෙන ඇති බවද ලේකම්වරයා පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් හෙට දිනයේ කාර්යාලීය දුම්රිය ධාවනයට බාධාවක් වුවහොත් ඊට මුහුණදීම සඳහා ලංගම බස් රථ වැඩි සංඛ්‍යාවක් යෙදවීමට ද සැළසුම් කර තිබෙනවා. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ඇති මගීන් සඳහා ලංගම බස් රථවල නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට පියවර තිබේ.

Related posts

2.0 photos: A sneak peek at the Rajinikanth and Akshay Kumar starrer

Mohamed Dilsad

හෙට සිට හුදෙකලා කෙරෙන හා ඉවත් කෙරෙන ප්‍රදේශ [RELEASE]

Mohamed Dilsad

Samurdhi Bank to be made State rural bank

Mohamed Dilsad

Leave a Comment