Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රීලනිප මූලස්ථානයේදී දයාසිරිට බාධා කළ අයට වැඩ වරදී…?

(UTV | කොළඹ) –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස වැඩභාර ගැනීමට කොළඹ ඩාර්ලි පාරේ එම පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී බාධා කළ සියලු දෙනාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර නඩු පවරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි. එමෙන්ම පක්ෂ මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට හැකිවන පරිදි අධිකරණයේ මැදිහත්වීම ලබාගැනීමට අපේක්ෂා කරන බව ජයසේකර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද, පැමිණිලි කරන බව ද දයාසිරි ජයසේකර ස‍ඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ‍ ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට ගිය අවස්ථාවේ පක්ෂ කාර්යාලය වසා දමා ඊට බධා කිරීම ඇතුළු සිදුවූ සියලු බාධාවන් සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා මරදාන පොලිසියට පැමිණිල්ලක් ද කළේය. තමාට වැඩ භාර ගැනීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගෙන් අවසර ලබාගැනීමට පොලිසියට අවශ්‍ය වූ නමුත්, තමන් පක්ෂයේ මහලේකම්වරයා ලෙස අධිකරණය විසින් පිළිගෙන ඇති බැවින් එසේ කිරීමට අවශ්‍ය නොවන බව  දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

අධිකරණයෙන් තීන්දුවක් ලබා ගැනීමෙන් පසු නිදහසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතුවල නිරත වන බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. එමෙන්ම

Related posts

Deputy Minister Indika Bandaranayake appointed SLFP organizer for Nikaweratiya

Mohamed Dilsad

Only passengers allowed inside Airport building

Mohamed Dilsad

One killed, dozens wounded in Philippines bombing

Mohamed Dilsad

Leave a Comment