Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

(UTV | කොළඹ) –

පසුගියදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති රූපවාහිනි විවාදයේදී ජනපති බයිඩන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල වී සිටිති.

එහිදී ජනාධිපතිවරයා පැහැදිලි ලෙසම දුර්වල ලෙස ඊට සහභාගී වූ බව බහුතරයකගේ මතය වෙයි. එබැවින් එළැඹෙන නොවැම්බර් ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයෙක් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්කළ යුතු බවට විවිධ මත පළවෙයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් සමග බයිඩන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එහිදී තම සැලසුම් ගැන පැහැදිලිකර ඇති ජනපතිවරයා තමා ජනපතිවරණයට සහභාගීවන බව පවසා තිබුණි. එසේම උප ජනාධිපති කමලා හැරිස් සමග ද ජනාධිපති බයිඩන් පුද්ගලිකව සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපතිවරණය සඳහා ඇය ඉදිරිපත්වීම වඩාත් සුදුසු බවට ද ඇතැම් පාර්ශ්ව අදහස් පළ කරයි.

Related posts

உலக தொலைத்தொடர்பு மற்றும் தகவல் சங்க தினத்தின் 50 ஆவது ஆண்டு பூர்த்தி இன்று

Mohamed Dilsad

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

China donates rice to Sri Lanka as humanitarian assistance

Mohamed Dilsad

Leave a Comment