Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල‌ වෙති.

(UTV | කොළඹ) –

පසුගියදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති රූපවාහිනි විවාදයේදී ජනපති බයිඩන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල වී සිටිති.

එහිදී ජනාධිපතිවරයා පැහැදිලි ලෙසම දුර්වල ලෙස ඊට සහභාගී වූ බව බහුතරයකගේ මතය වෙයි. එබැවින් එළැඹෙන නොවැම්බර් ජනාධිපතිවරණයට වෙනත් අපේක්ෂකයෙක් ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත්කළ යුතු බවට විවිධ මත පළවෙයි. මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තම පක්ෂයේ ඉහළ පෙළේ සාමාජිකයින් සමග බයිඩන් සාකච්ඡාවක් පවත්වා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

එහිදී තම සැලසුම් ගැන පැහැදිලිකර ඇති ජනපතිවරයා තමා ජනපතිවරණයට සහභාගීවන බව පවසා තිබුණි. එසේම උප ජනාධිපති කමලා හැරිස් සමග ද ජනාධිපති බයිඩන් පුද්ගලිකව සාකච්ඡා පවත්වා ඇති අතර ජනාධිපතිවරණය සඳහා ඇය ඉදිරිපත්වීම වඩාත් සුදුසු බවට ද ඇතැම් පාර්ශ්ව අදහස් පළ කරයි.

Related posts

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

සූවස් ඇළේ සිරවී ඇති නැව නිදහස් කිරීමේ උත්සාහයන් අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment