Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.

(UTV | කොළඹ) –

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව මහාචාර්ය ජී එල් පිරිස් මහතා ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.

ව්‍යවසායකයෙකු මෙන්ම නීති උපාධිධාරියෙකු වන සී.ඩී. ලෙනව විසින් ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකමක් ඉදිරිපත් කර ඇත්තේ, 2015 ජනාධිපතිවරණයෙන් රටේ ජනාධිපතිවරයා ලෙස පත්වූ මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් වසර 6ක් ව පැවති ජනාධිපති ධුරකාලය වසර 5කට අඩුකරගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිත්‍යානුකුල නොවන බව පවසමින්.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සී.ඩී. ලෙනව විසින් ප්‍රකාශ කර ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණයේදී ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6ක සිට 5 දක්වා අඩු කිරීම සඳහා ජනමත විචාරණයක් නොපැවැත්වූ නිසා එමගින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය වී ඇති බවත්, එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පෙත්සමේ තර්ක කර ඇති බවය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ තමන් කිසිම සංවිධානයකට අයත් නොවන බවත්, කිසිදු පුද්ගලයෙකුට වාසියක් අත් කිරීමේ අරමුණෙන් පෙත්සම ගොනු නොකළ බවත්, මෙරට ව්‍යවස්ථා සංශෝධනවලදී පාර්ලිමේන්තුව දිගින් දිගටම ගැටලු සහගත ආකාරයෙන් කටයුතු කර තිබෙන නිසා, ඒ පිළිබඳ සංවාදයක් ඇති කිරීමේ අරමුණෙන් තමා මෙම පෙත්සම ගොනු කළ බවත්ය.

මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් කිහිපදෙනෙකු සඳහන් කරන්නේ, මෙම පෙත්සම ශක්තිමත් නීති තර්කයක් සහිතව ගොනු කළ පෙත්සමක් නොවන බවය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වත්මන් ව්‍යවස්ථාවේ කොටසක් වන බවත්, එය සම්මත කිරීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අදාල පනත් කෙටුම්පත විභාගයට ලක් වූ බවත්ය. අදාල වගන්තියට ජනමත විචාරණයක් අවශ්‍ය බවට එම අවස්ථාවේ ප්‍රකාශයට පත් නොවුණු අතර, එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසු, මේ වන විට එය ව්‍යවස්ථාවේ කොටසක් ලෙස පවතින බවත් එම විශේෂඥයන් පැවසීය. ඊට අමතරව 2018 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් තමන්ගේ ධුර කාලය වසර 6ක් විය යුතුද යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා ඇති බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය එම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් බව තීන්දු කර ඇති බවත් එම විශේෂඥයන් පෙන්වා දෙන ලදී.

Related posts

Fourth round of SLFP – SLPP discussion today

Mohamed Dilsad

Fatal stampede at Nigeria election rally

Mohamed Dilsad

Romania qualify for 2019 Rugby World Cup as Spain suffer shock loss to Belgium

Mohamed Dilsad

Leave a Comment