Trending Newsඑසැන පුවත්දේශීය

කාන්තා ස්ථූලතාව ඉහළට – මන්ද පෝෂණය පහළට – අධි පෝෂණය ඉහළට

(UTV | කොළඹ) –

මෙරට කාන්තාවන්ගෙන් සියයට 50ක් පමණ ස්ථූලතාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය පවසයි. එහි සභාපති වෛද්‍ය තිමති වික්‍රමසේකර ම හතා පැවසුවේ ළමුන් අතර ද ස්ථුලතාවය ඉහළ යමින් පවතින බවයි.

“අපි මේ ස්ථුලතාවය කියන කාරණය අමතක කරලා තියෙන්නේ. හැම වෙලාවෙම අපි මන්දපෝෂණය ගැන තමයි අවධානය යොමු කරන්නේ. නමුත් ළමා ස්ථූලතාවයත් වැඩිවීගෙන යනවා. කාන්තාවන්ගෙන් 50කට ආසන්න ප්‍රමාණයක් අධි බර සහ ස්ථුලතාවය. අලුත් පර්යේෂණ දත්ත පද්ධතියක් ලංකාවට අවශ්‍යයි.” මේ වන විට මෙරට මන්දපෝෂණ තත්ත්වය අඩු වුවද අධි පෝෂණය ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Related posts

Gotabaya must prove he gave up US citizenship – Mangala

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

முன்னாள் கடற்படை பேச்சாளருக்கு விளக்கமறியல் நீடிப்பு

Mohamed Dilsad

Leave a Comment