දේශීය

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන දැනුම්දීමක්

ජනවාරි මස රාජ්‍ය සේවකයින්ට රුපියල් 5,000ක වැටුප් වැඩිකිරීමක් සහ විශ්‍රාම වැටුප රු.2,500කින් ඉහළ දැමීමට අවශ්‍ය උත්සාහය ගනිමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

කෑගල්ල ප්‍රදේශයේ දී මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

 

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ සඳහා ජනාධිපතිවරයා ගේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.

 

“ජනාධිපතිතුමාගේ දැඩි අවදානය යොමු වෙලා තියෙනවා රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාම සේවකයින්ගේ දීමනා වැඩි කිරීම පිළිබඳ. අඩුම තරමේ රාජ්‍ය සේවකයින්ට ජනවාරි මාසේ ඉදලා අප්‍රේල් මාසය දක්වා අඩුම තරමින් රුපියල් 5,000 ගානේ වත් දෙන්න කියන එක. මේ සඳහා මාසකට අවශ්‍ය වෙනවා අපිට රුපියල් ලක්ෂ 65,000ක්. ඊට අමතරව විශ්‍රාමිකයින්ට වැඩිකළ රුපියල් 2,500ත් ජනවාරි ඉදලා දෙන්න කියලා. ඒ සඳහාත් අපිට රුපියල් ලක්ෂ 18,000ක් අවශ්‍ය වෙනවා. රජ්‍ය විශ්‍රාමිකයින් ඉන්නවා හත් ලක්ෂයක් වගේ. මෙය ජනවාරි සිට ලබා දෙන්න දැඩි උතසාහයක යෙදෙනවා”

Related posts

සමයංගේ ගෝලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් තවත් 14 ක් පිටව යයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

Editor O

Leave a Comment