දේශීය

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි.

 

මෙම සංකේත වැඩවර්ජ‍න ක්‍රියාමාර්ගය ඊයේ (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාමත්මක කෙරුණි.

 

ඒ අනුව අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

 

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

බදු බර, ජීවන වියදම, සෞඛ්‍ය අර්බුදය, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය

Related posts

ප්‍රකාශයක් ලබාගැනීමට CCD ය රාජිත රඳවා සිටින කඳවුරට

Mohamed Dilsad

බලපිටියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට

Mohamed Dilsad

විදේශයන්හි සිට එන ලාංකිකයන් නිරෝධායන වන දින ගණන අඩු කරයි

Mohamed Dilsad

Leave a Comment