දේශීය

වෛද්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය අදත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයින පුරා රජයේ රෝහල්වල පළාත් මට්ටමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අද (03) උතුරු පළාතේ රෝහල්වල ක්‍රියාත්මක කෙරෙයි.

 

මෙම සංකේත වැඩවර්ජ‍න ක්‍රියාමාර්ගය ඊයේ (02) දිනයේ ඌව පළාතේ සියලුම රජයේ රෝහල්වල ක්‍රියාමත්මක කෙරුණි.

 

ඒ අනුව අද උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කරගනිමින් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ ‍වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

 

එළඹෙන 06 වනදා වයඹ පළාතේත්, 07 වනදා සබරගමුව පළාතේත් සියලුම රජයේ රෝහල්වල මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ග අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

බදු බර, ජීවන වියදම, සෞඛ්‍ය අර්බුදය, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය

Related posts

කෝවිඩ් 19 පරදවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක්

Mohamed Dilsad

මඩ ප්‍රචාරට එරෙහිව හරීන් CCID යයි

Mohamed Dilsad

Leave a Comment