දේශීය

අද රාත්‍රියේ තද වැසි සමග ප්‍රබල අකුණු

අද පස්වරු 2.30 සිට අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඊට අනුව උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවත් පවතී.

 

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුර අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 16ක් සොයා ගනී

Editor O

ඡන්දය පැවැත්වෙන දිනයේ සහ ප්‍රතිඵළ නිකුත් කරන දිනයේ බස්රථ ධාවනය අඩුවේවි – පෞද්ගලික බස් හිමිකරුවෝ කියති.

Editor O

වනජීවී නිලධාරිනිය පිළිබඳව රජයේ අවධානය

Mohamed Dilsad

Leave a Comment