දේශීය

පාකිස්තානයට භාරකාර අගමැතිවරයෙක්

ඉදිරි මැතිවරණය තෙක් පාකිස්තානය මෙහෙයවීමට භාරකාර අගමැතිවරයකු පත් කර තිබේ.

 

පාකිස්තානයේ භාරකාර අගමැතිවරයා ලෙස ‘අන්වර් උල් හක් කකාර්’ පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

 

ඒ, හිටපු අගමැති ෂෙබාස් ෂරීෆ් සහ විපක්ෂ නායක රාජා රයිස් අහ්මඩ් අතර ඇතිකරගත් එකඟතාවකට අනුවයි.

 

බලුකිස්තාන ප්‍රාන්තය නියෝජනය කරමින් පත්වූ ස්වාධීන මන්ත්‍රිවරයකුව සිටි අන්වර් උල් හක්, මීළඟ මැතිවරණය දක්වා පාකිස්තාන භාරකාර රජය මෙහෙයවනු ඇත.

 

පාකිස්තාන පාර්ලිමේන්තුව පසුගිය බදාදා විසුරුවා හරිනු ලැබූ අතර, එතැන් පටන් දින 90ක් තුළ එරට මහා මැතිවරණය පැවැත්විය යුතු වේ.

Related posts

මාලිමා ආණ්ඩුව පාක්ෂිකයන් වෙනුවෙන් වැදගත්ම තීරණයක් ගනී – තණකොළ මිල පහළ දමයි

Editor O

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “83 (ආ)” සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

Editor O

තීරණාත්මක පාර්ලිමේන්තු සැසිවාරය – සජීවි විකාශය දැන් නරඹන්න

Mohamed Dilsad

Leave a Comment