දේශීය

අපරාධවලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් කටාන ඇත්ගාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය පැවසුවේ, සැකකරුවන් මීගමුව, කටාන, බඩල්ගම, මිනුවන්ගොඩ, මාරවිල, දංකොටුව, වෙන්නපුව හා කඳාන ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කිරීම සහ රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බවට පැමිණිලි ලැබී ඇති බවයි.

 

සැකකරුවන් 23 හා 31 හැවිරිදි කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වී ඇත.

 

ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී කොල්ල කන ලද රන්මාල කිහිපයක් සහ උකස් කරන ලද රන්මාල කිහිපයක රිසිට් පත්ද සොයා ගෙන තිබේ.

 

සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වාර්තා කරයි.

Related posts

හිටපු ඇමති රිෂාඩ් රහස් පොලිසියට කැදවීම අත්හිටුවන්නැයි පොලිස්පතිට දැනුම් දීමක්

Mohamed Dilsad

20 ගැන අධ්‍යයනයට පත් කළ කමිටු වාර්තාව අද ජනපතිට හා අගමැතිට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ නව වෙනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක – වැඩ බාර ගැනීම හෙට (23)

Editor O

Leave a Comment