දේශීය

සියලුම වර්ගයේ ආයෝජනවලට නීතියක්

සියලුම ආයෝජනයන් ආවරණය වන පරිදි ඉදිරියේදී නව ආයෝජන නීතියක් සැකසීමට කටයුතු කරන බව ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

 

මෙම වසර අවසන් වනවිට අවශ්‍ය නීති සංශෝධනයන් සැකසුවහොත් එළඹෙන වසරේ සිට නව නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) ජනාධිපති මාධ්‍ය අංශ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 

කර්මාන්ත පුරයක් සඳහා පෞද්ගලිකව ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන ආයෝජකයින් වෙත අවශ්‍ය අවසරය ලබාදීමට රජය තීරණය කර ඇති බවත් ආයෝජකයින් සඳහා බදු සහන, ඉඩම් ලබාදීමේ ගාස්තු අඩු කිරීම් වැනි වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

 

එමෙන්ම ඔහු වැඩිදුරටත් පැවසුවේ ආයෝජකයින් සමාගම් සඳහා අයෝජනය කිරීමේදී එහි අයිතිය 100% ක් අයෝජකයාට හිමිවන පරිදි සංශෝධිත නව නීති ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.

Related posts

රටවල් කිහිපයක සිටින ශ්‍රී ලාංකිකයින් අද දිවයිනට

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර

Mohamed Dilsad

ජනපති උපදේශක කණ්ඩායමක් පත් කරයි

Mohamed Dilsad

Leave a Comment